අධික වැසි තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ වසා දැමුණු පාසල් හෙට (11දා) යළි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා විවෘතව තැබෙන බව සබරගමුව පළාත්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.
පැවැති අධික වැසි තත්ත්වය පහව ගොස් ඇති බැවින් මෙම තීරණය ගත් බව ලේකම්වරයා පැවසීය. පසුගියදා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ පාසැල් රැසක් වසා තැබීමට පියවර ගැනිණි.
බලංගොඩ - රෝහණ වසන්ත