සබරගමු විශ්ව විද්‍යාලයේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලය එළැඹෙන 20 දා දක්වා වසා දැමීමට පාලන අධිකාරිය විසින් තීන්දු කර ඇති බව වාර්තා වෙයි. මේ අතර නවක වදය ලබාදීමේ චෝදනා යටතේ එම සරසවියේ සිසුන් 17කට තාවකාලික පන්ත් තහනමක් පනවා ඇතැයිද වාර්තාවෙයි.
නවක වදය ලබාදුන් සිසුන් පිරිසක් නැවත්වීමට ආරක්ෂ අංශ සාමාජිකයින් ගිය විට ඔවුන්ට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තහනම පනවා ඇතියිද වාර්තා වෙයි.