සබරගමු සරසවි සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරයේ වගකීමෙන් මිදීමේ කිසිදු සදාචාරාත්මක හා නෛතික හැකියාවක් වත්මන් රජයට නොමැති බවත්, මෙම ප්‍රහාරය මෑත කාලයේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සම්බන්ධයෙන් වත්මන් රජය අනුගමනය කළ අත්තනෝමතික ප්‍රතිපත්තියේම දිගුවක් බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.
එසේම සුවිශේෂී සමාජ නියෝජනයක් වන සරසවි ප්‍රජාවගේ ගැටලු දෙස මැදිහත් සිතින් යුතුව බලන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
කිසිසේත්ම අනුමත නොකරන මෙම ප්‍රහාරය හෙළාදකින බවත්, ප්රචණ්ඩත්වය මුදාහැරීම නතර කර සරසවි ප්‍රජාව මුහුණදෙමින් සිටින සැබෑ ගැටලු පිළිබඳව වගකීම් සහගත ප්රවේශයකින් යුතුව අවධානය කිරීමට රජයට බලකරන බවත් කරු ජයසූරිය මහතා තවදුරටත් සඳහන් කරයි.