අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරන එළඹෙන 23 වැනිදා භික්ෂූන් වහන්සේලා 6000 ක් එම ස්ථානයට වැඩම කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී මහා බෝධිය, මිහින්තලය, රජමහා විහාරය, යුදගනාව විහාරය, ශ්‍රී පාදස්ථානය සහ වස්කඩුව සුභූති විහාරයේ වැඩ සිටින ධාතූන් වහන්සේලා සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිතය.
මේ සඳහා සකස් කළ කරඬුව සෑදීමට කැරට් 22 රත්රන් පවුම් 1,000 ක් යොදාගත් බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.