සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙති
අනුරාධපුර සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම ලක්ෂ සංඛ්‍යාත බොදු බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (23දා) අනුරාධපුරයේදී සිදු කරනු ලැබීය.
මේ මහා පුණ්‍යෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නයද ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැතිඇමතිවරුන් හා රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිකෙරෙන සඳහිරු සෑයට වැය කිරීමට අපේක්ෂිත මුදල රු.මිලියන 30කි. තිස් වසරක කුරිරු යුද්ධයේදී මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අනුරාධපුර පූජාභූමියේ සඳහිරු සෑය ඉදිකෙරෙයි.
දුටුගැමුණු රජ දවස ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කළ ආකාරයෙන්ම සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවිය. රන් කිලෝ ග්‍රෑම් 12ක වැඩ හිඳින පිළිම වහන්සේ නමක් සහ පිළිම වහන්සේට සෙවණ සපයන රන් බෝධියක්, ඡත්රයක් ඇතුළු නිධන් වස්තු එහි තැන්පත් කෙරිණි.
රන්පත්වල ලියන ලද ති‍්‍රපිටකය සහ රිදී පත්ඉරුවල ලියන ලද පිරිවානා පොත් වහන්සේ, වැසි පිරිත සහ ගිනි පිරිතද එහි අද තැන්පත් කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

