අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් තුළ සනීපාරක්ෂාව ඉහළ දැමීමේ අරමුණින් %සනීපාරක්ෂාව පෙරට^ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, ඒ හරහා එක් පාසලකට රුපියල් මිලියන 02 බැගින් ලබාදීමට නියමිතය.
මෙහි පළමු අදියර යටතේ පාසල් 1200 ක් සඳහා රුපියල් මිලියන 2200 ක් ලබාදීමට සූදානම් වන අතර, මාස 03 ක් ඇතුළත අදාළ පාසල්වල නවීන අංගෝපාංගවලින් යුතු වැසිකිළි, කැසිකිළි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ලංකාවේ පාසල් අතුරින් පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව 525 ක් පමණ වූ බවත්, එය මේ වනවිට 150 දක්වා අඩුකර ඇති බවත්ය.