මහ නගර සභාවල සේවයේ නිරත සනීපාරක්ෂක කම්කරුවන්ට සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහ නගර සභා වල සනීපාරක්ෂක කම්කරුවන් සමග පසුගිය දිනවල පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
සනීපාරක්ෂක කම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසුව මොවුන්ට සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන ලෙස, අමාත්‍යවරයා මහ නගර සභා වල නාගරික කොමසාරිස්වරුන්ට නියෝග කර තිබේ.
ඊට අමතරව, දැනට මළාපවහන නඩත්තු කම්කරුවන්ට ලබාදෙන දූවිලි දීමනාව (Dust Allowance) සනීපාරක්ෂක කම්කරුවන්ට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.