සන්නස්ගලගෙන් ලක්ෂ 12කට ආරාධනා
කලාකරුවන් පිරිසකට පහරදුන් පවතින ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව ප්‍රවීණ සිංහල දේශක උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු කීය.
ඉන්දීය නළු නිළියන් තරු පහේ හෝටල්වල නතර කර යුක්තිය වෙනුවෙන් හඬනගන මෙරට නළු නිළියන්ට පහරදීම අනුමතක කරනවාදැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගෙන් විමසා සිටින බවද සන්නස්ගල මහතා ප්‍රකාශ කළේය.
කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති අලුත්පරපුර සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමාගෙන් ඉගෙන ගත් දරු දැරියන් පිරිසට රට ගැන හැඟීමක් තිබෙන බවයි.
එම සියලුදෙනාට මෙම අරගලයට එකතුවන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

