පසුගිය මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදි නමුත් පාර්ලිමේන්තු වරම් අහිමි වූ ප්රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා එම මැතිවරණය පිළිබඳව මෙන්ම එයින් ලැබුණ ප්රතිඵලය පිළිබඳව සිය අදහස් ප්රථව වරට 'අද' වෙබ් අඩවිය හරහා හෙළි කළේය. එහිදී ඔහු පැවැසුවේ එම මැතිවරණය තමාට පාඨමාලාවක් වූ බවත් නමුත් ඒ පාඨමාලාව අවසානයේ තිබූ විභාගයෙන් තමන් ෆේල් වුණ බවයි.
"මං ඡන්දෙ ඉල්ලපු එක මට පාඨමාලාවක් වගේ. පොඩි කෝස් එකක්. ප්රශ්නෙ තියෙන්නෙ ඒ පාඨමාලාව හොඳයි. ඒකෙ වියදම වැඩියි. මේ රටේ පුරවැසියන්ට ඒ පාඨමාලාව ගන්න පුළුවන්නම් ඒක හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒත් වියදම වැඩියි නෙ. හැබැයි ඒ පාඨමාලාවෙ අවසානයේ තිබෙන විභාගෙන් මං ෆේල්. හැබැයි පාඨමාලාවෙන් ඉගෙනගත්ත දේවල්වලින් මං ෆේල් නෑ. ඒක මං සලකන්නෙ මං ජීවිතේ කරපු ලිට්මස් පරීක්ෂණයක් විදියටයි. " යැයි ඔහු පැවැසීය.