තුට්ටු දෙකේ සන්ධානයේ පියන් අගමැතිකම ගැනීමට පියාගේ ආත්මය පාවාදෙමින් සන්ධානයට එක්නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසිය.
පොදු විපක්ෂයේ දෙවිනුවර රැලිය අමතමින් හෙතෙම මෙම අදහස් අද (05දා) දැක්වීය.
"පියාගේ ආත්මය පාවා දෙමින් තුට්ටුදෙකේ සන්ධානයේ පියන් අගමැතිකම ගන්න යන්නේ නෑ. දුරකතන ඇමතුම්වලට උත්තර දීලා හක්ක ගෙවිලා තියෙන්නේ. ආණ්ඩුවේ මාධ්‍ය මේ කතාව බ්‍රේකින් නිවුස්වලට ගහනවා. ප්‍රේමදාසගේ පුතා සන්ධාන වේදිකාවට යන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තාම මහින්ද රාජපක්ෂටත් වෙන්නේ හංසයාගේ වේදිකාවට නගින්න" යනුවෙන්ද හෙතෙම කීය.