එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ අද (30දා) ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙන බව නව සිංහල උරුමය සඳහන් කරයි.
ඉදිරි මැතිවරණවලදී ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය පිළිබඳ හා ඒ සඳහා සිදු කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන බවත්, සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබාදෙන ලෙස සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අද (30දා) රාත්‍රියේ පැවැත්වෙන බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.