එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සහ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කර තිබෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
ඇතැම් විද්‍යුත් මාධ්‍ය හා සමාජ වෙබ්අඩවි මගින් මෙම ප්‍රචාරය දියත් කරන බවත්, එහි සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක් හා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉවත් කර තිබෙන බවට යැයිද එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එහෙත් එවැනි සාකච්ඡාවක්වත් සිදුවී නොමැති බවද, මීට අමතරව වෙනයම් ආකාරයකින් පක්ෂ හෝ පුද්ගල ඉවත් කිරීමක් පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවද ඒ මහතා පවසා සිටියේය.