දැනට ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සන්ධානයේ ඡන්ද ප්‍රතිඵලයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ. 2009 වසරේදී ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේන් මන්ත්‍රී ආසන 27 ක් හිමිකර ගත් අතර, මේ වසරේදී එය ආසන 23 ක් දක්වා අඩුවී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංඛ්‍යාවේ වෙනසක් නොමැති අතර එය 10 කි. ප්රජාතන්ත්රවාදී පක්ෂයට ආසන 4 ක් හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණ ආසන දෙකක් හිමිකරගෙන තිබේ. එය පසුගියවර හා සසඳන විට එක් ආසනයක වැඩිවීමකි. මුස්ලිම් කොංග්‍රසයේ ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැත. එය අසන එකකි.