මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ගාලු දිස්ත්රික් සන්ධාන පළාත් සභා අපේක්ෂක ආරච්චිගේ අජිත් ප්රසන්නහේවා හා පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්රික් සන්ධාන අපේක්ෂක ඩී.වී. උපුල් යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස මැතිවරණ පෙළපාළියක් මෙහෙයවීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජියෙකු වීම, පොලිස් නිලධාරියෙකුට පහර දී බලහත්කාරය පෑම හා යුද හමුදා නිල ඇඳුම් ලාංඡන අවසරයකින් තොරව ඇඳීම හෝ පැලඳීම යන චෝදනා යටතේ අජිත් ප්රසන්න අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල පොලීසියේ විශේෂ කණ්ඩායමක් මගිනි. ඔහු කොළඹ පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
ඩී.වී. උපුල් යන අය පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.