මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව තමන් අධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සම ඉවත් කරගන්නැයි ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගෙන් තමන්ට විවිධ බලපෑම් එල්ලවී ඇතැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අද(23දා)පැවසුවාය.
මෙම පෙත්සම රජයෙ පරීක්ෂණවලටබාධාවන්, බලපෑම් සිදුකරන පාර්ශ්ව පවසන බවත්,තමාගේ ජීවිතය හා සමාන එම පෙත්සම ඉවත් කර නොගන්නා බවත් එක්නැළිගොඩ මහත්මිය සඳහන් කළාය.
පුරවැසි සංවිධාන එකමුතුව විසින් මරදාන සමාජය හා සාමාජික කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළකළාය.