බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේ වැසි ඇතිවන බව පැවසෙයි. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදීද දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.