ලංකා සතොස හරහා අලෙවි කරන පොන්නි සම්බා සහල් මිල හා පරිප්පු මිල අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා තිරණය කර තිබේ. ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 80 සිට රුපියල් 78 දක්වා අඩු වන අතර පරිප්පු කිලෝවක මිල රුපියල් 152 සිට 148 දක්වා අඩුවෙයි.