නකල්ස් රක්ෂිතය ආශ්රිත දුර්ලභ ගණයේ සතුන් දඩයම් කළ ප්‍රධාන සැකකරු නිතිඥයෙකු මාර්ගයෙන් පැමිණ පන්විල පොලීසියට බාර වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02දා) අත්අඩංගුවට ගත් බවත්, මේ වනවිට ඡායාරුපවල ඇතුළත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
පොලිසිය පැවසුවේ ඔවුන් සතු පිස්තෝලයක් හා වායුපීඩන තුවක්කුවක්ද පොලීසියට බාර දී ඇති බවයි.නකල්ස් රක්ෂිතය ආශ්රිත දුර්ලභ ගණයේ සතුන් දඩයම් කළ පුද්ගලයන් ගැන විමර්ශනය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පත්කළ බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණීජයවික්රම පෙරේරා මහතාද‘අද’ට පැවසීය.
එම විශේෂ විමර්ශන කණ්ඩායම පොලීසිය සමග ඒකාබද්ධව සියලු විමර්ශන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කීය.
සතුන් මැරීමේ ඡායාරූප සමාජ මාධ්‍ය ඇසුරෙන් ව්‍යාප්ත වීමත් සමග පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි. සැකකරුවන් අද (03දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.