පවතින වියළි කාලගුණික තත්ත්වය ඉදිරි සතිදෙක තුළද පැවතුණහොත් බොහෝවිට රටතුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (12දා) ප්‍රකාශ කළේය.
බලාගාර ආශ්රිත ප්‍ර‘දේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ජලාශවල ජලමට්ටම පහත බැසීම මෙයට ප්‍රධාන හේතුව ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. කෙසේ නමුත් ජනතාව අපහසුතාවට පත් නොකර අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවදඔහු කීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්