ජනවාරි 01 දා සිට ගත වූ සති 02 තුල ඩෙංගු රෝගීන් 2000 ක් පමණ වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක දැනට අවදානම් ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
එහෙයින් 2018 ජනවාරි 17, 18, 19 යන දින වලදී බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක හඳුනා ගත් වැඩි අවදානම් කලාප තුල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්,අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.