පින්නවල සත්ත්වෝද්‍යානය නැරඹීමට නරඹන්නෙකුගෙන් රුපියල් සියයක ගාස්තුවක් අය කළද ප්‍රමාණවත් සතුන් සංඛ්‍යාවක් එහි නරඹන්නට නැතැයි සත්ත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයෝ පවසති.
මෑතකදී විවෘත කෙරුණු මෙම සත්ත්වෝද්‍යානයේ මුවන් කිහිප දෙනෙකු,කොටින් තිදෙනෙකු, අලි දෙදෙනෙකු,පෝනියෙකු ඇතුළුව සත්ත්ව වර්ග කිහිපයකට අයත් සතුන් කිහිප දෙනෙකු පමණක් සිටින බව ඔවුහු පවසති.
පසුගිය රජය සමයේදී ඉදිකිරීම් ඇරඹි මෙම සත්ත්වෝද්‍යානය නව රජය විසින් විවෘත කළද මෙහි නරඹන්නන්ගෙන් අයකරනු ලබන ගාස්තුවට සරිලන සතුන් දැකබලා ගැනීමට නොමැති වීමෙන් දෙස්විදෙස් සංචාරකයන් දැඩි දෝෂ දර්ශන කරන අයුරු ද දැකගත හැකි විය.
මෙම සත්ත්වෝද්‍යානයට ප්‍රමාණවත් සතුන් ප්‍රමාණයක් ඇතුළු කළ පසු විවෘත කළ යුතුව තිබූ බව මේ පිළිබඳව %අද^ට අදහස් දැක්වූ බොහෝ සංචාරකයන්ගේ මතයයි.
සතුන් කිහිප දෙනෙකු නැරඹීමට රුපියල් සියයක් අයකිරීම සාධාරණ නොවන බවත්, සතුන් ඇතුළත් කරන තුරු එම මුදල සංශෝධනය කරන ලෙස හෝ මුදලක් අය නොකරන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම කඩිනමින් දෙහිවල සතුන් වත්තේ සිරවී සිටින සත්ත්ව විශේෂ ගෙන්වාගෙන හෝ විදේශීය සත්ත්ව විශේෂ ගෙන්වා හෝ සත්ත්වෝද්‍යානයකට ගැලපෙන තත්ත්වයක් ඇතිකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.