ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරන ලදැයි කියන සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කිරීමේදී නියම කොට තිබූ ඇප කොන්දේසි ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මසකට වරක් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට කර තිබූ නියෝගය මාස තුනකට වරක් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට අද (28දා) ලිහිල් කළේය.
තම සේවාදායකයාට සෑම මසකට වරක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක් පනවා ඇති බවත්, තම සේවාදායකයා වසරකට අධික කාලයක් එම කොන්දේසිය කඩ නොකර ඉටු කොට ඇති බවත් කී නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් එම ඇප කොන්දේසිය ලිහිල් කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම ඉල්ලීමට අවසර ලබාදෙමින් ඇප කොන්දේසි ලිහිල් කළේය.