එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලීමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් බලපිටිය ප්රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13දා) විරෝධතාවක නිරතවූහ.
බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා, රුහුණු ජනතා පක්ෂයේ නායක හිටපු පාර්ලීමේන්තු මන්ත්රී අජන්තද සොයිසා යන මහත්වරු ද නීතිඥවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිති.
මේ අතර සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක්කර ගතහොත් තමා සිරුරට ගිනි තබා ගන්නා බව පවසමින් එක් පුද්ගලයකු බලපිටිය බස් නැවතුම්පොලේ වහලේ උඩ වාඩි වි සිටියි.