තමා මිය ගිය පසු සිය භෂ්මාවශේෂ යාල වනෝද්‍යානයේ තමා ඉදිකළ ‘සත්මග’ මාර්ගය අසල සිය භෂ්මාවශේෂ තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තිස්සමහාරාම‘සම්පතගම’ උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ මේ අවස්ථාවේ මා විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ මා අභාවයට පත් වූ දිනක යාල වනෝද්‍යානය තුළ මා තනා දුන් සත්මග මාර්ගය අසළ කොතනක හෝ තැනත මගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලෙසයි. එම මාර්ගය මා තනා දුන්නේ මගේ පියාණන්අභාවප්රාප්ත වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදීයි.
යාල ජාතික වනෝද්‍යානය සම්පතක්.එය ආසන්නයේ මෙම ගම ඉදිවන හෙයින් එය ‘සම්පතගම’ ලෙස නම් කරනු ලැබුවා. ”යැයිද පවසා සිටියේය.