හම්බන්තොට ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුට රැකියා ලබාදිමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් ඔහු පිළිබඳව මේ වන විට සමාජ ජාල ඇසුරෙන් දරුණු විවේචනයක් එල්ල වෙමින් පවතියි.
කෙසේ වෙතත් තමන්ට එල්ල වන චෝදනා සඳහා අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රතිචාර දැක්වීය. ඔහු පවසන්නේ සිය චරිතය හා නම ඝාතනය කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට සිය හද පතුලෙම්ම ආදරය කරන බවත් දිගින් දිගටම තමන්ට නින්දා කරන ලෙසයි.
එසේම තමන්ට පෞද්ගලික අංශය මගින් ලැබුණ රැකියා වෙනුවෙන් රැකියා විරහිතවූවන් යෙදීවීමට කටයුතු කළ බවත් හම්බන්තොට ප්‍රදේශයේ විශාල රැකියා වියුක්තියක් පවතින බවත්ය.