ශ්රී ලංකාවේ සංහිඳියා යාන්ත්රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ කාලසීමාව 2019 වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (24දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙහි කාලසීමාව දීර්ඝ කිරීමේ යෝජනාව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.එම යෝජනාවට කැබිනට් මණ්ඩයේ අනුමැතිය හිමිව තිබේ.
ශ්රී ලංකාවේ සංහිඳියාව හා සම්බන්ධීකරණ වැඩසටහන් හා ක්රියාවලි ඵලදායී අන්දමින් ක්රියාත්මක කිරීමේ අරමුණින් සංහිඳියා යාන්ත්රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය වසර දෙකක කාලසීමාවක් සඳහා 2015 දී ආරම්භ කෙරිණි.