ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට සංහිඳියාව ඉගැන්වීමට උත්සාය කළත් එම රටවල් තුළ සංහිදියාවක් නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (16දා) බදුල්ල හෙරිටේජ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ජනමාධ්‍ය වැඩමුළුවක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
“අද ලෝක දේශපාලනය බැලුවොත් ඇමෙරිකාව- එංගලන්තය සියල්ල ඇවිත් අපට සංහිඳියාව ගැන උගන්වන්න එනවා. ඔවුන්ගේ සංකල්ප අපේ ඔළුගෙඩිවලට දානවා. ඒත් ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ සංකල්පය සංහිඳියාව නොවේ- උග්‍ර ජාතිවාදය.
අද බටහිර රටවල් ලෝකයට විවෘත නෑ. අපි විතරයි හැම දේම විවෘත කරන්න යන්නේ. අපට සංහිඳියාව ඇති කරන්න කීවාට ඒ රටවල්වල සංහිඳියාව නෑ. අපට පිටරටින් උපදෙස් ඕන නෑ. අප රටෙන්ම මතුවූ විසඳුමක් ලබාගත යුතුයි.”
සටහන හා සේයාරුව: හාලිඇල- විජේරත්න රත්නායක සහ බණ්ඩාරවෙල- රවිඳු දසුන්