රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදි තමන් දේශපාලන පක්ෂ, පාට කිසිවක් නොසලකන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (23 දා) පස්වරුවේ පොලොන්නරුව හාරසීය ශ්‍රී ශාක්‍ය බිම්බාරාම විහාරස්ථානයේ පැවති පිංකමකින් අනතුරුව ජනපතිවරයා මේ බව පැවැසීය.
"පොළොන්නරුවේ ජනතාව විදිහට ජනාධිපතිවරණයේදී මට තමුන් නන්සේලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා, නමුත් ජනාධිපතිවරයෙක් විදිහට වැඩ කරනකොට, මම පක්ෂ බලන්නේ නෑ,යු. එන්.පි , ජේ.වී.පි, කියලා මම කිසිම තැනක වෙන් කිරීමක් කරන්නේ නෑ. යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.