රටක වේගවත් සංවර්ධනයක් සඳහා ජාතික සමගිය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා සිය ටිව්ටර් ගිණුමෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ජනපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
"බත බුලතින් පිරි නිල්ල පිරුණු ස්වයංපෝෂිත රටක් ගොඩනැගෙන අවධියක සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපි මහත් සතුටින් පිළිගනිමු. ලෙයින්, මසින් මෙන්ම හදවතින් සපිරි මිනිසකු ලෝකයට බිහිවන්නේ යහගුණ දහමින් හෙබි ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් තුළිනි. ඒ සඳහා අපට පදනම සලසන ප්‍රධානතම ජාතික උළෙලක් වන්නේ මේ භෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි.
අප මේ සිංහල අලුත් අවුරුද්ද පිළිගන්නේ කෘෂිකර්මාන්තයේ මෙන්ම සෑම අංශයකම නිෂ්පාදනයද සංවර්ධනයද දියුණු තියුණු කරන්නා වූ අවධියකය. සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි! ප්‍රාර්ථනා කරමි." යනුවෙන් ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.