පසුගිය ආණ්ඩුව රාජ්ය සේවයට බඳවාගත් උපාධිධාරීන් සේමඅද (12දා) දිනයේ රාජ්ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 2660 ක ප්රමාණයද වසරක කාලයක් යනතුරු වහල් සේවයේ යොදවාගන්නා බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජ්ය සේවයට උපාධිධාරීන් බඳවාගත් බවට ආණ්ඩුව උදම් ඇනුවදඅද බඳවාගත් සියලුම උපාධිධාරීන්ට වසරක් යනතුරු මාසිකව ලබාදෙන්නේ රුපියල් දසදහසක මුදලක් පමණක් බවද එම සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුවද උපාධිධාරීන් රාජ්ය සේවයට බඳවාගැනීමේදී වසරක් යනතුරු ලබාදුන්නේ මසකට රුපියල් දසදහසක් පමණක් බවත්, එම ක්රියාව වහල් සේවයට සමාන ක්රියාවක් බවට එවකට විපක්ෂයේ සිටි, වර්තමාන ආණ්ඩුවේ ප්රධාන පාර්ශ්වකරුවා වූ එක්සත් ජාතික පක්ෂය සඳහන් කළ බවත් ඔහු පවසා සිටියේය.