සංජීව බණ්ඩාරට සහනයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය, ඔහුට එරෙහිව ඔහුගේ ඇප කොන්දේසි සම්බන්ධව කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය අවසන් වනතුරු අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (23දා) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කළේය. කොටුව දුම්රියපොළ උද්ඝෝෂණයට සහභාගී වී පෙර නඩුවක ඇප කොන්දේසි කඩ කළේ යැයි සංජීව බණ්ඩාරට එරෙහිව අද (24දා) දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොතීසි මත පෙනී සිටීමට නියමිතව තිබිණි. එහෙත් මහාධිකරණයෙන් ලද නියෝගයකට අනුව හෙට දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සංජීව බණ්ඩාර මහතාට අවශ්‍ය නොවේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප කොන්දේසි නිසා සංජීව බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට සංජීව බණ්ඩාරගේ නීතීඥයෝ අධිකරණයේ කරුණු දැක්වූහ. ලබන පෙබරවාරි 05 දා මෙම නඩුව විභාග කිරීමට මහාධිකරණය තීන්දු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

