සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් කිහිප දෙනෙකු මාතර, හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉංජිනේරුවන් ලෙස රාජකාරි කටයුතු කරමින් සිටින බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මෙම සියලුම දෙනාට රුපියල් ලක්ෂ ගණනක් මාසික වැටුප් ගෙවමින් තිබෙන බවත්, එහෙත් මෙම පිරිස් ඉංජිනේරුවන්ද යන්න සොයා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවද ඒ මහතා පවසා සිටියේය.
ලංකාවේ පවතින නීති රීතිවලට අනුව සංචාරක වීසා මත පැමිණි අයට මෙරට තුළදී රැකියා කළ නොහැකි බවත්, රැකියා කරනවා නම් ඔවුන් නේවාසික වීසා මත පැමිණිය යුතු බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම පිරිසේ ප්‍රධාන ඉංජිනේරුවා යැයි කියා ගන්නා චීන ජාතිකයාට රුපියල් ලක්ෂ 37 ක මාසික වැටුපක් ලබාදෙන බවත්, ඉදිරියේදී කෝප් කමිටුව මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද කමිටු සභාපතිවරයා පවසා සිටියේය.