ශ්රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරිතම පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර තවමත් ටෙස්ට් දිවියෙන් සමුගන්නා දිනයක් ප්රකාශයට පත්කර නොමැත. එහෙත් එස්.එස්.සී. පිටියේදී ඔහු අද ක්රීඩා කළේ ශ්රී ලංකාවේදී ක්රීඩා කළ අවසන් ටෙස්ට් තරගයද යනුවෙන් රසල් ආනල්ඩ් සිය ට්විටර් ගිණුම හරහා විමසා සිටියේය. එසේම ඔහු මහේල ජයවර්ධනගේ ටෙස්ට් දිවියේ නිමාව පිළිබඳවද අදහස් ප්රකාශ කළේය.
ශ්රී ලංකා කණ්ඩායමට නැවතත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ නවසීලන්තයේදීය. එස්.එස්.සී. පිටියේදී සිය දැවී යාමෙන් පසුව සංගා ශ්රී ලංකා ප්රේක්ෂකයන් වෙත ආචාර කිරීමටත් කටයුතු කළේය.
ඡායාරූපය ඉසුරු පෙර්රා