කුමාර් සංගක්කාර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමට දැන් සමත්විය. පන්දු 448කදී හයේ පහර 8 ක් හා හතරේ පහර 30 ක් රැස්කරමින් සංගා මෙම කඩඉමට ළඟාවිය.
ඊට අමතරව මෙම තරගයේදී සිය ටෙස්ට් ලකුණු 11000 සීමාව පසුකිරීමටද සංගා සමත්වූයේය. ඒ සඳහා ඔහුට තරග 122ක් වැය වී අතර අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 11000 සීමාව පසුකළ ක්‍රීඩකයාද සංගාවෙයි.