2014 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා තමා ඉදිරිපත් නොවූයේ, 2015 වසරේදී වඩාත් හොඳ ගිවිසුමකට ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට අයර්ලන්ත හා එංගලන්ත සංචාරයක් පවතින බවත්, මේ නිසා තරගාවලිය තුළදී තමන්ට ක්‍රීඩා කළ හැකි වන්නේ සති දෙකකට ආසන්න කාලයක් බවත් සංගා පෙන්වා දෙයි.
නමුත්,2015 වසරේ සමස්ත තරගාවලියටම ක්‍රීඩා කිරීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බවත්, ඒ හරහා තමන්ට වැඩි වටිනාකමක් සහිත කොන්දේසියකට ඉදිරිපත් විය හැකි බවත් සංගා සඳහන් කරයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් දෙවැනි සතියේදී ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 6වැනිදා අයර්ලන්ත කණ්ඩායම හා තරග වැදීමට නියමිතය.
සංගාට අමතරව දිනේෂ් චන්දිමාල්ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇත. මෙවර ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 වැනිදා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු එයට ඇතුළත් වෙයි. එහිදී මහේල,මැතිවුස් හා ඩිල්ෂාන්ට ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් හිමිවී ඇතිබවද වාර්තා වෙයි.
ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි