ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පොලිසිය නිකරුණේ තාඩන පීඩන සිදුකරන බව සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බී.බී.සී.ය වෙත පවසා තිබේ.
පොලිසියේ හිරිහැර නිසා තමන්ට පදිංචි ස්ථාන පවා වෙනස් කරන්නට සිදු වූ බව මෙම තැනැත්තිය පැවසූ බවද බී.බී.සී.ය කියයි.
'දවල් වෙලාවක මාව නිකං අත්අඩංගුවට ගත්තා. මගේ ෆෝන් එක ඔෆ් කරලා දාල රෑ දහය වෙනකල් පොලිසිය ඇතුළේ තියා ගත්තා. දහයෙන් පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. රෑ දහයෙන් පස්සේ ලිව්වම තමයි රෑ අයාලේ ගියා කියල දාන්න පුළුවන්. පොලිසියේ නඩු නැත්තන් නිකං අපිව අරන් යන වෙලාවල් තියෙනවා.'
'මම අඬල කිව්වා මාව පිරිමි ඉන්න කූඩුවට දාන්න එපා කියල. උසාවියට ගෙනිහිල්ලත් මාව දැම්මේ පිරිමි සීයක් විතර ඉන්න කූඩුවට.' ඇය බී.බී.සී.යට පවසා තිබේ.
පිරිමින් සමඟ රැඳවුම් කුටිය තුළ සිටියදී තමන්ට බොහෝ හිරිහැර විඳින්නට සිදු වූ බවද ඇය පවසා ඇත.
තමාගේ ජීවිතයේ දුක්බරම දෙය කුමක්දැයි විමසූ විට ඇය කියා සිටියේ 'පාසලින් කොන් වීම' හේතුවෙන් තමන්ට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකි වීම ගැන අදටත් වේදනා විඳින බවය.
තමන් සමාජයෙන් විඳි දුක්වේදනා අනාගත සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අත් නොවේවා යැයිද ඇය පවසා තිබේ.
මේ ආකාරයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් මෙන්ම, පුරුෂයන්ද වර්තමානයේදී කාර්යාල තුළද සේවය කිරීම සතුටට කරුණක් වුවත්, ඔවුන්ට නොයෙක් වර විවිධ තාඩන පීඩන එල්ලවන බවද වාර්තා වෙයි.