සංක්‍රමණිකයන් සමග IS ඉස්ලාම් ත්රස්තයන් පැමිණිලා
පැරීසියේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදියෙකු සංක්‍රමණිකයන් අතර සැඟවී යුරෝපයට ඇතුළු වූවෙකු බව මේ වනවිට තහවුරු වී තිබේ.
පාපන්දු ක්‍රීඩා පිටිය අසල මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයෙකු ග්‍රීක දූපතක් වූ ලෙරෝස් හරහා පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සිරියානු සරණාගතයන් අතර සැඟවී යුරෝපයට ඇතුළු වී ඇත.
සිරියානු ජාතිකයෙකු වන මොහු අහ්මඩ් අල් මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
මේ සමගම යුරෝපය වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ට උදව් කිරීමේදී නව ක්‍රමවේදයක් සොයා ගැනීම සම්බන්ධයෙන් එම රටවල විශේෂ අවධානය යොමු වී තිබේ.
ලෙරෝස් දූපතේ සිට මැසඩෝනියාවට පැමිණ ඇති මොහු, සර්බියාව හා ක්‍රොඒෂියාව හරහා ගමන් කර ඇති අතර, මොහුගේ ඇඟිලි සලකුණු හා ඔහු ලෙරෝස් දූපතේදී ලබාදී ඇති ඇඟිලි සලකුණු සැසඳී ඇති බවද කියැවෙයි.
ක්‍රීඩාංගණය අසල සිදුවූ සෙසු මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කළ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ව්‍යාජ තුර්කි ගමන් බලපත්‍රවලින් සිටි අයවලුන් බව හඳුනාගෙන ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් නිල වශයෙන් භාරගත් අතර, මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසද සැලකෙයි.
පසුගිය සිකුරාදා ස්ථාන හයක සිදුවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 350කට අධික පිරිසක් තුවාල ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

