රුපියල් පනස් හතර ලක්ෂ හැට නම දාස් හත්සිය හැත්තෑ පහක් (5,469,775) වටිනා මැණික් ගල් 218 ක් ෂැම්පු බෝතල් පහක් තුළ සඟවාගෙන චීනය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවෝ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 හා 24 වියේ පසුවන ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් බව රේගුව කියයි. ඔවුහු නිතර නිතර ව්‍යාපාර කටයුතු සඳහා චීනයට යන එන අය බව රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.