බස්නාහිර පළාත් මහනගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා විදේස් ආයෝජකයින් රැසක් එක් ව ඇතිබව එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රූඞ් මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කොන්සල්වරයා ප්‍රධාන මර්ක් මෙරයින් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් කි්රවාඞ් මහතාගේ නායකත්වයෙන් යුත් ආසියා ශාන්තිකර ව්‍යාපාර සංසදය නියෝජනය කරන වාණිජ ධූත කණ්ඩායමක් අද (07) දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක නිතර විය.
බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලැස්ම තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන කලාප වරාය නගරය, ගුවන් නගරය සහ තාක්ෂණ නගරය යන කලාපයන් හි ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මේ වන විට හෝමාගම පිටිපන තාක්ෂණික නගරයේ පළමු අදියරේ වැඩකටයුතු ආරම්භ වී ඇති අතර එහි ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලසුමට සිය ප්‍රසාදය පළකල ජර්මානු ධූත පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය පිළිබඳව ජර්මනියේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.
මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාතය පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශය ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.