නුගවෙල නයාපාන විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමේ ක්රීඩිකාවියක දැල්පන්දු පුහුණුවට සහභාගි නොවුනැයි පවසා එම ශිෂ්‍යාවට පහර දීම හේතුවෙන් එම විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා අද (23දා) පුස්සැල්ලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොත්මලේ අධ්‍යපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වැනි ශේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක දැල්පන්දු පුහුණුවට සහභාගි නොවුනැයි පවසා පසුගිය 19 වැනිදා එහි ක්‍රීඩා භාර ගුරුවරයෙකු විසින් පහර දීමෙන් කනේ ඇතවූ අබාධයක් නිසා ඇය ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබිණි.
පසුව එම රෝහලෙන් අදාළ පරීක්ෂණ සිදුකර ඇය නැවත ගම්පොළ රෝහලට යොමුකර ඇති අතර, ඇය එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කටයුතු සිදුකරමින් සිටියි.
සිද්ධිය වූ දිනයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම ශිෂ්‍යාව පුහුණුවීම් කටයුතුවලට නොසිට නිවසට යෑමට සැරසෙන අවස්ථාවේදී ක්‍රීඩා භාර සැකකාර ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යාවට පහර දී ඇත.
දැරියගේ භාරකරුවන් විසින් මේ සම්බන්ධව පුස්සැල්ලාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.