ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව විභාගයට පෙනී සිටි 350462න් 33163ක් දිස්ත්‍රික්ක කඩඉම් ලකුණු ප්‍රමාණයට ඉහළ ලකුණු ලබාගෙන තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු ලෙස සැලකෙන ලකුණු 70ට වඩා 243236ක් ලබගෙන ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 69.40෴ක් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කඩඉම් ලකුණු ඉක්මවා ඉහළින්ම ලකුණු ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනා පාසල් පිහිටි පළාත් ලෙස, වයඹ, උතුර, සබරගමුව, දකුණ සහ උතුරු මැද පළාත් නම් වී තිබේ.