පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව අද (31දා) සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය 20 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 356,728ක් පෙනී සිටියහ.මේ අනුව උත්තර පත්‍ර පරීක්ෂාව ඇගයීම් මණ්ඩල 384ක් යටතේ මධ්‍යස්ථාන 40කදී පැවැත්වේ.
උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් 6,965ක් යොදවා සිටින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවේ පළමු අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අදියර තුනක් යටතේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ අනුව දෙවැනි අදියර සැප්තැම්බර් 13 සිට 26 දක්වාත්, තුන්වැනි අදියර සැප්තැම්බර් 18 සිට 29 දක්වාත් පැවැත්වීමට නියමිතය.
පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පාසල් 05ක් සම්පූර්ණයෙන්ම වැසීමට තීරණය කර තිබෙන අතර, උත්තර පත්‍ර පරීක්ෂාව මධ්‍යස්ථාන 31කදී ඇගයීම් මණ්ඩල 446ක් යටතේ ගුරුවරුන් 9245ක් විසින් සිදුකෙරේ.