පහශ්රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (04දා) රාත්‍රියේ සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මුදාහැර තිබේ. www.doenets.lk වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
මීට අමතරව අදාළ ප්‍රතිඵල අද (05දා) දිනයේදී පාසල්වලට තැපැල් කර යැවීමටද නියමිතය.
ඉකුත් අගෝස්තු 21 වැනිදා පැවැති විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 350,740 ක් පෙනී සිටි අතර, විභාගය මධ්‍යස්ථාන 2,959කදී පැවැත්විණි. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 421 දෙනෙක් විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩය යටතේ විභාගයට පෙනී සිටියහ.
කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් එළඹෙන නොවැම්බර් 04 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පති හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ 0112 784 208 / 0112 784 537 හෝ 0113 188 350 යන දුරකථ අංක අමතා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් ලබාගත හැකි බවද එම නිවේදනයෙහි දැක්වේ.