හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හා ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට හෙට (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වෙයි.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රොහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇතැයි වාර්තා වෙයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි. ඔහු සිය ප්‍රකාශය බ්‍රහස්පතින්දා ලබාදෙනු ඇතැයිද වාර්තා වෙයි.