ශ්‍රීලංකාවේ පවත්වනු ලබන 14 වන එක්සත් ජාතින්ගේ වෙසක් උලෙළට සමගාමිව පිළියන්දල ඉදිවෙන ශාක්‍ය ජනපදය සඳහා වන ගිවිසුමට අද දින යෙදුනු සුභ මොහොතින් බුද්ධශාසන අමාත්‍යාංශය හා ලයිට් ඔෆ් ඒෂියා ( Light of Asia) පදනම අත්සන් තැබූහ.
පිලියන්දල රෙජිඩේල් වත්තේ අක්කර 72ක වපසරියක රුපියල් මිලියන 500 ක වියදමින් මෙම ජනපදය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාත් ලයිට් ඔෆ් ඒෂියා පදනම වෙනුවෙන් එහි සභාපති නවීන් ගුණරත්න මහතාත් අත්සන් තැබූ අතර මෙම අවස්තාවට අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී වූහ.