තීන්තවල තිබිය යුතු ඊයම් ප්‍රමාණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග ලබා දුන්නද එම නීතිය උල්ලංඝනය කරමින් නිෂ්පාදනය කළ තීන්ත තවමත් වෙළෙඳ පොළ තුළ පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
අදාළ නීතිය පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඔවුන් අදාළ වගකීම් පැහැර හැර කටයුතු කරන බවද එම සංවිධානයේ කළමනාකාර අධ්යක්ෂ දිලෙන අකාරගොඩ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින නීතිරීතිවලට අනුව ඉනැමල් තීන්ත වර්ගවල ඊයම් තිබිය හැක්කේ කොටස් දශ ලක්ෂයකට 600 කට අඩුවෙන් බවද අද (23දා) පැවැති වැඩසටහනකදී ඔහු සඳහන් කළේය.
ඊයම් විෂ වීම වළක්වා ගැනීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සතිය ආරම්භ කරමින් පැවැති වැඩසටහනකදී මේ බව කියා සිටියේය.
ඊයම් රහිත තීන්ත පෙරපාසල්වලට බෙදා දීමද මෙහිදී සිදු විය.