ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් බවට මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන ප්‍රකාශ නවතා දැමිය යුතු බවත්, ඔහු පක්ෂයේ සභාපති නොව ජ්‍යෙෂ්ඨ අනුශාසක බවට මතක තබාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
පක්ෂ ව්‍යවස්ථාවට අනුව සභාපති තනතුර හිමිව ඇත්තේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
එම ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ අනුශාසක තනතුරක් බවද මහලේකම්වරයා අද (30දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.