ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බවත්, ඒ අනුව ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදීම නව පක්ෂ නිර්මාණය කරන අයගේ අරමුණ වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ ලේකම්වරයා මේ බව පවසා සිටියේ කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදී අද (17දා) පෙරවරුවේ පැවැති ඉන්දියන් සාගරයේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා නාවික කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සමුළුවේදී මාධ්‍ය‘වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
"දැන් ඔය සමහරු අලුත් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන තිබෙනවා කියලා ආරංචියි. තවත් පිරිසක් සිටිනවා ඔය පක්ෂයට යා යුතු. ඒ අය තමයි පසුගිය කාලයේ විවිධ දූෂණ චෝදනා සිදු කරලා දැන් අධිකරණවල ඇසෙන සමහර නඩුවලට පෙනි සිටින්නේ. ඒ තමයි ඒ කාලයේ විවිධ දූෂණවලට සම්බන්ධවුණ නිලධාරීන් පිරිස. ඒ අයත් ඔය පක්ෂයට යන්න ඕනේ. එවිට අපට පුළුවන් ඔය පක්ෂයට කියන නියම නම යොදන්න. ඉදිරි කාලයේදී අපි ඒ නම ප්‍රකාශ කරන්නම්"