බැඳුම්කර නිකුතුවේදී මහ බැංකුවේ සිදුව ඇති මූල්‍ය අක්රමිකතාව සහ රටේ මූල්‍ය ක්ෂේත්රයේ පිරිහීමක් සිදුව තිබෙන බැවින් ඒ පිළිබඳව සොයාබැලීමක් කිරීමට මැදිහත් වන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් ව සිටිති.
ඔවුහු අද (25දා) පෙරවරු 11.00 ට කොළඹ මහබැංකු ගොඩනැගිල්ලේ පිහිටි එම අරමුදලේ කාර්යාලය වෙත යෑමට සැලසුම් කර තිබේ. ඒ සඳහා බන්දුල ගුණවර්ධන, ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, ආර්ථික ක්ෂේත්‍ර‘යේ විශාල පිරිහීමක් සිදුව ඇති මොහොතක රජය ඒ පිළිබඳව අවධානයක් යොමුනොකිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැමිණිලි කරන බවයි. මේ සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි එම කාර්යාලයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඉදිරියේදී තවත් ජාත්‍යන්තර සංවිධානවල අවධානයට ලක්කරවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.