ශ්‍රී පාදස්ථානය පිහිටි භූමි භාගය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන සේ විශේෂ කලාපයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ගිය සතියේ පැවැති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩි කිරීම යටතේ අඹගමුව, මස්කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හතරකට වෙන් කිරීමේදී ශ්‍රීපාදස්ථානය පිහිටි ප්‍රදේශය අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන බැවින් එය කිසිදු පළාත් පාලන ආයතනයකට අයත් නොවන සේ ගැසට් කළ යුතු බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)